Sunday, December 30, 2012

31.12.2012 (අලුත් ආරම්භයක්....)


වර්ශයක් අවසානයේ අලුතෙන් දෙයක් ආරම්භ කරනවා කියන එක විහිලුවක් වගේ උනත්, මොනා කරන්නද? අද මගේ ජීවිතේ ආරම්භක දවසනේ. එහෙම හිතත්දීත් හිතට දැනෙන්නේ මහම මහා අමුත්තක්. අපොයි ඉපදෙනවා කියන්නෙත් මහමෙරක් තරම් වගකීම් ඔලුවට වැටෙන එකනේ. එහෙම කියලා ජීවිතෙන් පැනලා යන්නත් බෑනේ. හොදම දේ අවසාන මොහොතේ හරි නැගිටලා ජිවිතේ දිනන එක.

ඒ වගේම වර්ශ අවසානයක් කියන්නේ අලුත් ආරම්භයක්ම තමයි. ඇයි හත්දෙය්යනේ අලුත් වසරක ආරම්භය තියෙන්නේ පරණ වසර අවසානයේදීනේ. කැලැන්ඩරෙත් ජීවිතේ කියල දෙනවද මන්දා... 

මම අද ජීවිතේ පටන් ගන්නේ නෑ. පටන් ගත්ත ජීවිතේ අලුත් විදිහට වෙනස් කර ගන්නවා.. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕන...

ජීවිතේ දුෂ්කරය...
ගල් බොරළුය.. කටු පදුරුය..
එහෙත් දුෂ්කරයි කියා
හැර යා යුතුද ජීවිතය.....???

1 comment:

  1. අපට බර්ත්ඩේ කේක් නොදීම ගැනනං හෙලාදකින්ඩ වෙනව

    ReplyDelete