Tuesday, June 7, 2011

ජිවිතය

''ගලන ගගකි ජිවිතේ'' කියලා කව්දෝ කියනවා මං අහන් උන්නා.ඒ කථාව මං එක පාරක් නෙවි සියපාරක් විතර අහල තියෙනවා. එ වැකියෙ නම් මට කිසිම ගැටළුවක් නැ.ගැටළුව තිබුනේ එ උපමාව ජිවිතෙට ගැලපෙද කියන තැන.ගලා යන ගඟකට ජිවිතෙ උපමා කිරිමට හේතුව ජිවිතයත් ඔහේ ගලා යන හින්දද? ජිවිතයත් ගඟක් ගල් පර එක්ක ඔට්‍ටු අල්ලනව වගෙ ප්‍රශ්නත් එක්ක ඔට්‍ටු අල්ලන නිසාද?

ගඟක් නිදහසේ ගලනවට වඩා බාධක මැදින් ගලන එක සුන්දරයිලු. ප්‍රශ්න එන්න එන්න ජිවිතේ ලස්සනයිලු.කවියෙක් එහෙම කියන කොට මට එකට විරෑද්ධව ක‍රැණු කාරණා ගොනු කරන්නත් හිතුනා. මං කවියෙක් නොව්නු කොට කාව්්‍යත්මක හැගිම් ගැන තර්ක කරන එක මහ විහිළුවක්.ඒ සොදු‍රැ සිතුවිලි ගැන අවබොධයක් තියෙන්නේ කවියන්ටම විතරයි මං හිතන්නෙ.

ප්‍රශ්නෙ තියෙන්නෙ කවියො ගැනවත් කවිත්වය ගැනවත් නෙවිනෙ.ජිවිතේ ගැන.වෙලාවකට මට හිතෙනවා, ජිවිතෙත් ප්‍රශ්නයක් නැති උත්තරයක් කියලා. ප්‍රශ්නෙ මොකක් උනත් උත්තරේ තමා ජිවිතය, ජිවත් විම...

මම දවසක් ගඟ ඉහත්තාවට ගියෙ ජිවිතේට අදාළ ප්‍රශ්නය හොයන්න.එහෙම කිවට , එකටත් වඩා හිතේ තිබුනෙ ගඟක් ජිවිතේට සමාන කරන එක කොයිතරම් අගනේද බලන එක.මුළු හැන්දැ ව‍රැවක්ම ගත කලත් මං දැක්කෙ මහ ජල කදක් පහලට ගලගෙන යනව විතරමයි.මට කාව්‍යාත්මක දැසක් නැති නිසාද මන්දා.මං දැක්කේ ඒක විතරයි.

ඒ මහ ජල කද මුහුදට ගලාගෙන යන එකට අපි ගඟක් ගලනවා කියල කියනවා. ගඟ නෙවි ගලන්නෙ දිය..   ඒ ඒ දියේ ප්‍රමාණ අනුව ඒ ඒ නම්...පොකුණ..විල...වැව....ඒ වගේම ජිවිතෙත් ගලන්නෙ නැනේ.ජිවිතේ ඔහේ තියෙනවා..ගලා ගෙන යන්නේ කාලය. කාලය...කාලය විතරයි.හරියට..හරියට අර ගඟ කියන මහ ජල කද නොයෙක් නොයෙක්  විපර්යාස රඟ දක්වමින් මුහුදට ගලා යනව වගේ.කාලය ගලා යාම අනුව ජිවිතේටත් විවිධ නම්...ද‍රැවා...ඉලන්දාරියා...ගැටිස්සි...තව කොයිතරම් නම් තියෙනවද?

ජිවිතය තව දුරටත් ජිවත් නොකර කාලය නැවතුනොත්,ඒක එහෙම උනොත් මරණය..ජිවිතයට එතනින් එහාට පැවැත්මක් නැ.  පැවැත්මක් තියෙනවා..ඒත් ඒක අපිට පෙන්නෙ නැහැ.අර ගඟ කියන මහ දිය කදත් එහෙමනෙ.මුහුදට එකතු උනාම  ගඟට එතනින් එහාට පැවැත්මක් නැහැ. ඒත් ඒ ගං දිය අපට නොපෙනුනත් මුහුදේ තියෙනවනෙ. ඉතින් දැන්නම් මටත් කියන්න පුලුවන් ''ගලන ගඟකි ජිවිතේ'' කියලා..

මං කවියෙක් නෙවි.එ වගේම ගණිතඥයෙකුත් නෙවිනේ..ඒ උනත් මට හිතෙනවා ජිවිතේ කියන්නේ විජිය සමිකරණයක් කියලා.නොදන්නා පද 2ක හෝකිහිපයක එකතුවක්, අඩු විමක්, ගුණ විමක් හෝ බෙදිමක් ජිවිතයට සමාන වෙනවා..

විජිය ගණිතයෙදි සමාන ලකුණට වම් පැත්තේ තියෙන නොදන්නා පද සමාන ලකුණෙන් දකුණු පස තියෙන අපි හොදින්ම දන්න ගණිතමය අගයත් එක්ක තුලිත කරගන්න බැ‍රැව අපි කොයි තරම් නම් ලත වෙනවද?

ජිවිතය ඇතුලෙත් අපි කරන්නේ ඒකම නෙවෙයිද?මොනදේ උනත් ජිවිතේ අයිති තමන්ට විතරයි. අපේ ජිවිත වලට තවත් ජිවිත එකතු වෙනවා. සත්තයි එතකොට නම් හිතෙනවා ජිවිතේ අපිට විතරක් නෙවි කියලා.ඒත් ජිවිතේ අපේ විතරයි. ඒ ගැන තිරණ ගන්න ඕන අපි විතරයි.එහෙම හිතනකොට නම් ගඟයි ජිවිතයයි ඇත්තටම වෙනස්.

මං නම් හිතන්නෙ ජිවිතයට උපමා නැ කියලා.කොහොමද ජිවිතයට උපමා හොයන්නෙ..මගේ ජිවිතේ තව කෙනෙකුට සමාන වෙන්න බැනේ කොහෙත්ම..

ප්‍රශ්න වලින් හෙම්බත් උනු සමහ‍රැ තමන්ට ජිවිතේ අත් ඇරුනු බව කියනව මං අහල තියෙනවා.එත් මට නම් තේ‍රැමක් නැහැ, ඔවුන් කොහොමද ජිවිතේ අල්ලන් හිටියෙ කියලා. ඇත්තටම ජිවිතය අල්ලන්න පුලුවන්ද?සුවද බලන්න පුලුවන්ද? හැඩ ‍රැව නිශ්චය කරන්න පුලුවන්ද?

මේවා නම් උත්තර නැති ප්‍රශ්නම විතරයි මං නම් හිතන්නෙ...........

ඒත් ඈයි කාටවත් බෑරී ජීවිතේ කියන්නේ මේකයි කියලා මට කියලා දෙන්න.....


2 comments:

  1. මුලින් අමාරුතමා බ්ලොග් එකක් හදනවා කියන එක ......
    ඒත් අත අරින්නෙ නැතුව කරන්න ........
    ඒක හිතට වැදුනාම අත අරින්න හිතෙන්නෙ නැහැ .......
    සුබ අනාගතයක් නංගා .........

    ReplyDelete
  2. ජීවිතේ ගැන ලස්සන විග්‍රහයක්, දෙතුන් පාරක්ම කියෙව්වා, ඒකයි කමෙන්ට් එකට පරක්කු වුනේ ...........

    අප්පා මාර බටර් පාරක්නෙ මට ගාලා තියෙන්නෙ, මම චුට්ටක් උදව් කලා විතරයි. බ්ලොග් එක හැදුවෙ ඔයානෙ ........

    මේ බ්ලොග් එක අනිත් අයටත් කියවන්න පුලුවන් වෙන්න අපි සින්ඩි දෙක තුනකට දාමු මම ලින්ක් ටික පහලින් දාන්නම් ඔයා ගිහිං ඇඩ් කරන්න.

    http://syndi.lankeeya.lk/blogform.php (ලාංකීය සිතුවිලි)

    http://si.hathmaluwa.org/signup (හත් මාලුව)

    http://blogs.sinhalabloggers.com/add-blog (සිංහල බ්ලොග් කියවනය SBU)

    http://www.seegiri.org/?page_id=2 (සීගිරි සින්ඩිය)

    ඔය පහල තියෙන්නෙ ඔයාගේ rss feed ලිපිනය ඒකත් දාන්න වෙනවා සින්ඩියකට ඇඩ් කරන කොට. කරගන්න බැරි වුනොත් කියන්නකො.

    http://kumudu-bluesky.blogspot.com/feeds/posts/default?alt=rss

    ඔබට දිගු ගමනකට මගෙන් උණුසුම් සුබ පැතුම් නංගා .........

    ReplyDelete