Wednesday, June 22, 2011

මගේම නොවුණූ මගේ කථාවක්.......

මම කථාවක් කියමි. උගත්, දැනගත්, උකහාගත්, වටහා ගත් දේ බොහෝමයක් අන්තර්ගත වූ අපුරු කථාවක් කියමි. මේ කථාවේ ආරම්භය අද ඊයේ දවසක් නොවේ..ආරම්භය සඳහා මින් දශකයකට පෙර කාලයකට යා යුතුය..නිවැරදි කාලවකවානු ගැලපුවහොත් එය 1998 වසර ලෙස නිශ්චය කල හැක.

එවක මම සත් හැවිරිදි විමී. වෙනත් පාසලක දෙවන ශ්‍රේණිය තෙක් උගෙන සිටි මට පාසලක් නොමැතිව පීඩා විදිමට සිදුවූ සති කිහිපයක්ම එම වසරේ දී ගත කරන්නට වූ බව අමතක කල නොහැකි ක‍රැණකි. සත් හැවිරිදි දැරියක ලෙස විදි ඒ පිඩාව දැනුදු මා සිතේ හොල්මන් කරයි. කේසේ හෝ මට මට පාසලක් ලැබිණ. නැත..පුණ්‍ය භුමියක අධ්‍යාපනය හැදැරිමට වරම් ලැබිණ. ඒ එම වසරේ නවම් මසේ මැද භාගයේ දිනකදීය.ඒ හෙයින් එම වසර මගේ ජිවිතයේ සදා නොමැකෙන වර්ෂයක් ද විය.දිනය නිශ්චිතව කිව නොහැකි වුවත් ඒ අපු‍රැ අවස්ථාව මට ලැබුනේ නවම් මසේ දෙවන සතියේ හෝ තෙවන සතියේ බව නම් හොදටම විශ්වාසය.

මේ කථාවට ඒ දිනයේ වැදගත් කමක් නැත.වැදගත් වනුයේ නමින් "ශ්‍රිපාලිය" නම් වු ඒ පුණ්‍ය භුමියේ උගැන්මට මට වරම් ලැබිම පමණකි. එම උදාර භූමිය පිහිටියේ හොරණ නගරයේ වෑවල ග්‍රාමයේය. ඒ උදාර වූ පාසල් නිල ඇඳුමින් සැරසී මා මුලින්ම පියමැන්නේ "ප්‍රාථමික ශ්‍රිපාලිය"ටය. එය පිහිටියේ ප්‍රධාන විදුහලට ඔබ්බෙන් හොරණ කළාප අධ්‍යාපන කාර්යාල භූමියේය. (අප අපේ පහසුව සඳහා එය පොඩි ශ්‍රිපාලිය නමින් හැඳින්වුයෙමු.) කළාප කාර්යාලයේ ගේට්‍ටු පියන් තුරින් මා පොඩි ශ්‍රිපාලියට ඇතුල් උනේ මීට දහතුන් වසරකට පෙර වුවද, තාමත් එය මට මගේ සිතින් දර්ශනය කර ගත හැක. එය එතරමටම මට ලබැඳි වූ බව තවත් කියන්නේ කුමකටද?

පුංචි පාසල් බෑගය පුරවා අලුත් පොත් ලා ගෙන එය කරලා තාත්තාගේ අතේ එල්ලී එහි යද්දී සිතේ වු චකිතය කෙතරම් ද කිවහොත් මට වරක් දෙවරක් නොව කිහිපවරක්ම ආපසු හැරෙන්නට සිත් විය. එහෙත් ඒ සිතුවිල්ල පණ ගැහුනේ එවක කළාප කාර්යලය පිහිටි ගොඩනැගිල්ල පසු කරන තෙක් පමණි. එදවස වූ සියල්ල මගෙ මතකයේ නොවූවත් මා පියාගේ අත අතැර එහි වූ වෙරළු ගසක් යටට දිවු බව නම් දැනුදු සිහි වෙන්නේ දෙතොලතරට  සිනහවක් ද එක් කරමිනි.

මම මින් පෙර උගත්තේ නාගරික පාසලකය.(යම් යම් හේතු නිසා මට එහි නම සඳහන් කල නොහැක. අනෙක් අතට එහි නම සඳහන් කිරිමෙන් මා කල ගුණ නොදත්තෙකු බවට ද පත් විය හැකිය.) එම පාසලේ තට්‍ටු ගොඩනැඟිලි අතර සීමා වූ නිදහසකින් උන් මට හොරණ ශ්‍රිපාලි විද්්‍යාලය පාරාදිසයක් මෙන්ම පුංචි මැජික් එකක් වූ බව ද කිව යුතුමය. ශ්‍රිපාලි විද්්‍යාලය ගැන කියද්දි කියන්ට ඇති පලමු දෙය එහි වූ නිදහසය."ශ්‍රිපාලිය" සිසු මනස වටහ ගත් අපූර්වතම සොදු‍රැ පරිසරයක පිහිටියක් විය.

2000 වසරේදි "ප්‍රාථමික ශ්‍රිපාලිය" ද ප්‍රධාන විදුහල හා සම්බන්ධ කෙරිණ. ඉන් අනතු‍රැව ලොකු පොඩි කථාව අහවර වි නැවතත් ශ්‍රිපාලිය එකම බිමක් බවට පත් විය. එහිදි සිහිපත් කල යුතු ක‍රැණක් වේ. එනම් එතෙක් ශ්‍රිපාලියන් වෙන්වි සිටියේ භූමියෙන් පමණි. ඔවුන් හදවතින් සැමදා එකට බැඳි උන්හ.

පාසලක් විවෘත කිරිමක් යනු සිර ගෙවල් දහසක් වැසිමකි.එසේම පාසලක් යනු ළමා මනසට තහංචි දමන, වැට කො‍ටු බඳින තවත් එක් සිරගෙයක් නොවිය යුතුය. පාසලක් යනු ළමා මනස වටහා ගත් ළමයින්ට සොඳු‍රැ පරදිසයක්ම  විය යුතුය. ශ්‍රිපාලි නිර්මාර්තෘ විල්මට් ඒ පෙරේරා මහතා එය හොදින්ම තේ‍රැම් ගත්තෙකි.

 ඉතාම ළඳ‍රැ වියකින් පාසලට ඇතුළු වන ද‍රැවා සිය ත‍රැණ විය එළඹෙන තෙක්ම ‍රැ‍ඳෙන්නේ පාසල සමගය.ඒ හෙයින් ද‍රැවෙකුගෙ අනාගතය තිරණය කරනුයේ පාසල යැයි කීම වැරදි නැත. පාසලෙන් ලැබෙන දැනුම, ආකල්ප, කුසලතා මත දරුවගේ අනාගතය තිරණය නොවන්නේද?

එහෙත් ශ්‍රිපාලිය අපට දුන්නේ දැනුම පමණක් නොවේ..කුසලතා වර්ධනයට අවස්ථා හෝ ආකල්ප වර්ධනයට අවස්ථවන් හෝ පමණක් නොවේ. ශ්‍රිපාලී මැණියෝ අපට කියෙව්වේ හෝඩි පොත පමණක් නොවේ. ජිවිතයේ හෝඩි පොත කියදුන්නී ඇයයි.

ශ්‍රිපාලියේදී අප අපේ නිවැරදි සංස්කෘතිය ඉගෙන ගත්හ. එයට ගරු කරන්නට, එය ‍රැක ගන්නට, ඒ උ‍රැමය පෙරට ගෙන යන්නට ඉගෙන ගත්හ. පාසලක්ම නොවුනු පරිසරයක ගුරුවරයාගේ අගය දැන ගත්හ. ගුරුගෝල සබඳතාවයේ වටිනාකම ඉගෙන ගත්හ. සමාජය හැදැරීය. ඒ සමාජයේ විශමතාවය අවබෝධ කර ගත්හ. ඒ අපුරු වූ විශම සමාජයේ අනුන්ටත් තමන්ටත් කරදරයක් නොවන පරිදි ජිවත් විමට ඉගෙන ගත්හ. මේ සියල්ල පෙරදැරිව ජිවිතය  ඉගෙන ගත්හ.

ඉදින් වසර දහතුනක ඇවෑමෙන් ශ්‍රිපාලියේ ගේට්‍ටු පියන්පත් තුරින් සමාජයට බට පුද්ගලයෙකු උගතෙකු පමණක්ම  නොවිය. ඔහු හෝ ඇය හොඳ ගුණයහපත් මිනිසෙකු ද විය. සමාජ හිතවාදියෙකු මානව හිතවාදියෙකු විය. රටට හිතැති රටට ආද‍රැති රටට බරක් නොවුනු මිනිසෙකු විය. මන්ද ශ්‍රිපාලියේ අරමුණ උගතෙකු බිහිකිරීම පමණක්ම නොවන නිසාය. ශ්‍රිපාලිය හදවතින් හදවතටම උගන්වන නිසාය.

සබඳ,  සිහිතබා ගත මැනව.! මේ කථාව ඇරඹුයේ මාය. කියැනුයේ මාය. එහෙත් මේ මගේ කථාව පමණක් නොවේ. මේ සමස්ත ශ්‍රිපාලියන්ගේම කථාවයි. වෙනස් වනුයේ දින වකවානු පමණි. එහෙත් කථාව මෙයමය. මන්ද සමස්ත ශ්‍රිපාලියන් වශයෙන් අප ශ්‍රිපාලිය පිළිබඳ දක්වන කැමැත්ත, ආකල්ප, ආදරය හා ගෞරවය එක හා සමාන වන නිසාය.

ආරම්භයේදීම මම මෙය ලියා තබමි. ආඩම්බරය රජකරන උපාසන මස්ථකය, සියඹලා තුරු රජුන්, කාදම්භරී තුරු ලඳුන් නුඹ.... කපුකුල ගිර පාමුල එදත් අදත් හෙටත් අප කෙරෙහි සෙනෙහසින් ආලයෙන්  නොවෙනස්ව සිටිනවා සේම අප හද තුල නුඹ කෙරෙහි වූ ආලය සෙනෙහස කිසිදා නොවෙනස්ව පවතිනු ඇත.....

2 comments: