Friday, June 17, 2011

ශ්‍රිපාලි විදු මව්නි....

කපු කුල ගිර පාමුල
සිය දහසක් ද‍රැවනට
දෙවන මව් වූ.....,
ශ්‍රිපාලි විදු මව්නි,
පුරා දශකයක්ම
ඔබ මට පෙව් සිප් කිරට
මම ණය ගැති නොවෙම්ද?........
රෝස පැහැ කුසුම් දරාගෙන සුපිපි ..
හිනැහෙමින් මා හා තුටින....
මගේ වෙහෙස නිවා සැනසූ
රැක කාදම්භරිය නුඹට..,
මම ණය ගැති නොවෙම්ද?........
විසල් තු‍රැ පත් විදහා තේජසින්
බෙදන සෙවණ සිසිලස සැමට
සියඹලා තු‍රැ රජුනි නුඹට.....
මම ණය ගැති නොවෙම්ද?........
ඉතින් සබඳ,
කෙලස නම් කියන්නද.....?
එය නොහැකි බව මට.....
ශ්‍රිපාලි විදු මව්නි.....
ඔබට උපහාරයක්ම වේවා!!!!!!!!!


2 comments:

  1. ඔව් මගේ ඉස්කොලේ...මං ගොඩක්ම ආඩම්භර වෙනවා මගේ ඉස්කොලේ ගැන

    ReplyDelete