Wednesday, June 15, 2011

පුංචි කතාවක්

අහන්නකෝ........අනේ ඉතින් අහන්නකෝ..... කථාවක් තියෙනවා මට කියන්න. ගෙවුණු දවස් හරිම කම්මැලියි. නැහැ නැහැ..... මං කථාවක් කියන්න තමා හදන්නේ.....ඒක ඉතින් පටන් ගන්න දෙන්නකෝ..ඉස්සර කතන්දර කියනව වගේ එකමත් එක රටක අහවල් නගරයේ කියල දැන් කතන්දර කියන්නේ නැහැනේ....දැන් අළුත් විදිහටයි කියන්න ඕන..මේක තොරතු‍රැ තාක්ෂණ යුගයනේ....මට කියන්න දෙන්නකෝ ඉතින්.........

ඔන්න ඉතින් මං කිවා වගේ ගෙවුණු හැම තත්පරයක්ම හරිම කම්මැලි වුනා.මට කරන්න කිසිම වැඩක් තිබුනේ නැහැ. ගැණු ලමයෙක් උනා කියල ගෙදර දොරේ වැඩක් වත් තිබුනේ නැහැනේ  මට. නැහැ කිවට තිබුනා...ඒත් ඉතින් ඒවා කරන්න අම්මා ඉන්නවනේ.අම්මා මට ගෙදර වැඩ කරන්නේ නැ කියලත් බනිනවා.මං කරන්න ගියාමත් පැත්තකට වෙන්න මේවා ඔයාට කරන්න බැහැ කියලා බනිනවා. (අනේ ඒ උනත් අම්මා මට කුස්සියේ වැඩ පල එහෙම හොදට උගන්නලායි තියෙන්නේ)

ඒ නිසා මට කරන්න කිසිම වැඩක් තිබුනේ නැහැ.හරිම කම්මැලිකමකින් තමා මං හිටියේ.. ඔය අතරේ දි තමා මට ලැප්ටොප් එකක් ලැබුනේ. අයියෝ නැහැ..මට ලැප්ටොප් එකක් තියෙනවා කියන්න නෙවී ඕන උනේ..බාධා කරන්න එපා අනේ..කිවාම අහලා අහගෙන ඉන්නකෝ....ඔන්න ඉතින් ඒකෙන් මට චාන්ස් එකක් ලැබුනා ඉන්ටර්නෙට් යන්න.ඒ ගියත් මට කරන්න වැඩක් තිබුනේ නැහැ අනේ..මං Facebook යනවා...Chat කරනවා..කාගේ හරි blog එකක් කියවනවා....Games ගහනවා..ඕවා තමා කලේ...එවත් මහ කම්මැලි වැඩනේ...අයියෝ Life එකම හරීම Boring...


ඔය අතරේදී තමා මට අහම්බෙන් අපේ ලොකු අයියා කෙනෙක් එක්ක Chat කරන්න ලැබුනේ..ඔය දවස් වල මගෙන් ආදරේ ඉල්ලගෙන කොල්ලෙක් පස්සෙන් එනවා..(කොල්ලෙක් නැතිව කෙල්ලක් මං පස්සෙන් එන්නැයැ..වැඩේ කියන්නේ... මං මොනා කලත් කීවත් මේකා තාම අදහස වෙනස් කරගෙන නැහැනේ...තාම මං පස්සෙන් එනවා...හරි හරි ඒක වෙන කතාවක්නේ...) කොහොම හරී මට ඔය කතාව අපේ ලොකු අයියාට කියවුනා...(දෙවියන්ට ස්තූති වෙන්න ඕන ඒක කියවුනාට..) ඔන්න ඉතින් අපේ ලොකු අයියා එයාගේ අත්දැකීම් එක්ක මට උපදෙස් මහ ගොඩාක් දුන්නා..(කාට හරි උපදෙස් දෙන්න චාන්ස් එකක් ලැබුනම නොදන්න දෙයක් ගෙන උනත් දන්න විදිහට කතා කරන එක අපේ අයගේ පු‍රැද්දනේ..අනේ අපේ ලොකු අයියා නම් එහෙම නැහැ..මට ඒ උපදෙස් ගොඩක් උපකාරී උනා..)

ඔන්න එදා තමා අපේ ලොකු අයියා මට පන්සල් හන්දියේ බ්ලොග් එකේ  ආදර කතාව කියවන්න කිවේ.. ඒ වගේම එදා තමා මං සිංහල බ්ලොග් කියවන්න පටන් ගත්ත මුල් දවස...ඉතින් අපේ අපේ ලොකු අයියාට තව පාරක් ස්තූති වෙන්න ඔන්න මං සිංහල බ්ලොග් කියවන්නත් ගත්තා...පන්සල් හන්දිය, ඩණිෂ්කගේ දින සටහන්, මධුරංගගේ බ්ලොග් එක..,එතකොට මේ ලගදී කල්හාර අයියාගේ මාළු යාළුවා පොස්ට් එක දැකලා ගොල්ඩ් ‍ෆිෂ්ගේ මාළු ටැංකියත් කියවන්න ගත්තා...(නම් නොකිවට මොකෝ දැන්නම් සිංහල බ්ලොග් කියවන්න ඇබ්බැහි වෙලා..)

අයියෝ නැහැ කතාවෙන් පිට පැන්නේ නැහැ..ඉතින් අහගන්නකෝ...ආයෙමත් දවසක් මට අපේ ලොකු අයියාව Facebook Chat වලින් මීට් උනා කියමුකෝ..ඔන්න ඉතින් මං ඕපදූපා අහන්න ගත්තා..වයිෆ්ට කොහොමද? දුවලා සනීපෙන්ද? කොහෙද ඉන්නේ? ඔය වගේ විකාර තමා ඇහුවේ...(විකාරම නෙවි ඉතින් එවා සමාන්‍යයෙන් අහන දේවල්නේ..)ඔය විකාර කතා අතරේදී තමා මට බ්ලොග් එකක් ලීවොත් නරකද කියලා යෝජනාවක් ආවේ..එකත් ඉතින් නරක නැහැ..නරකේ තියෙන්නේ මං ඕවා ගැන මෙලෝ හසරක් නොදන්න එකේනේ..අයෙමත් ඉතින් ඔන්න මට අපේ ලොකු අයියාගෙම පිහිටයි..එයා මාව Facebook බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘපීයටත් එකතු කලා..ඒකෙන් මට අළුත් යාලුවෝ ටිකකුයි..බ්ලොග් ගැන වටිනා උපදෙස් ටිකකුයි ලැබුනා..

ඒ උනත් මට ඒක මහ අමාරු වැඩක් අනේ..කොහොමෙන් කොහොම හරී අපේ ලොකු අයියා මට සිංහල බ්ලොග් එකක් හදලා දුන්නා..කිසිම පොස්ට් එකක් නැතිව කමෙන්ට් කරල පුංචි තල්ලූවකුත් දුන්නා..ඊලග දවසේ මං පළවෙනි පොස්ට් එක දැම්මා...මට බ්ලොග් ගැන "අ" යන්න "ආ" යන්න කියලා දුන්න අපේ ලොකු අයියා තමා මගේ බ්ලොග් ගු‍රැවරයා..ඒක නම් මං කියන්නම ඕන කතාවක්..අපේ ලොකු අයියා සර්ට පිං සිද්ද වෙන්න දැං මාත් පලක් ඇති වැඩක් කරනවා..මේක තමා මට මෙච්චර වෙලා ඔයාලට කියන්න ඕනේ උන කතාව.

බලමු මටත් මේ බ්ලොග් අවකාශේ කොයි තරම් දුරක් යන්න පුළුවන්ද, යමක් කරන්න පුළුවන්ද කියලා..අනේ මට මහ කන්දක් නම් වෙන්න ඕන නැහැ..පුංචි වැලි කැටයක් වෙන්න ලැබුනොත් ඇති. අඩුම ගානේ... මගේ බ්ලොග් ගු‍රැවරයාට සතු‍ටු වෙන්න පුළුවන් යමක් කරන්න ලැබුනොත් මට ඒ ඇති...කොහොම උනත් දැන් මං මේ සොදුරු  බ්ලොග්  අවකාශයට ආදරෙයි...මහා ගොඩාරියක්ම....



4 comments:

  1. ඔන්න එහෙන් කල්හාර සර්ගේ සමාජ සත්කාරයට (ඒකට එහෙම නේද කියන්නේ :D ) මාගේ ප්‍රනාමය... කුමුදු අක්කා (ඇන්ටිද මන්දා) මේක බ්ලොග් අවකාෂයේ මිතුරෝ ගෘපියේ දාන්න... දිගටම ලියමු එහෙනං... පුලුවන් ඕනෙම උදව්වක් කරනවා...

    ReplyDelete
  2. කීඩෝ මල්ලියේ ඔයාගේ comment එක දැකලා මගේ ඇස් දෙකට කදුළුත් ආවා..(කීඩෝ පුතාද මංදා) කොහොම උනත් බොහොම ස්තූතියි මගේ බ්ලෝග් එකත් බලලා comment කලාට.......

    ReplyDelete
  3. Yo... I am So sorry.. I don't know how to type using sinhala font because i use Kubuntu as like my OS..

    What ever... Kumudu , Your Blog is Nice.. Do it well.. Try to publish our School Life

    ReplyDelete
  4. නියමයි නංගා අද වෙන කොට දෙවෙනි පෝස්ට් එකත් වැටිලා ....

    බ්ලොග් ලියන්න ඇබ්බැහි වෙනවා කියන්නෙ නිකං කුඩු ගහන්න පුරුදු උනා වගේ තමා, රෑ වෙනවා, එලි වෙනවා තේරෙන්නෙ නැහැ.

    මම ඉස්සෙල්ලා පෝස්ට් එකට දාපු කමෙන්ට් වල ලින්ක් වලට ගිහිං සින්ඩිවල රෙජිස්ටර් වෙන්න, එතකොට ගොඩක් අයට ඔයාගේ බ්ලොග් එක කියවන්න පුලුවන් ....

    @Shashi Sampath,
    මම මල්ලිට සිංග්‍රිලිෂ් කන්වර්ටර් එකක ලින්ක් එක එවන්නම්.

    ReplyDelete